දුප්පත් වෙලා ඉපදෙන එක ඔබේත් මගේත් වැරැද්දක් නොවෙයි. ඒත් දුප්පතෙක් වෙලා මැරෙන එක වැරැද්දක්. මේ ප්‍රසිද්ධ කියමන ඔබ අනන්තවත් අහල ඇති. මේ කියමන කොච්චර ඇත්ත වුනත් සමහර වෙලාවට දුප්පත්කමින් ගොඩ එන්න උත්සාහ කරන බොහෝ පිරිසක් අසරණ වෙන අවස්ථා ගැන කතා කරන්න, ඔවුන්ට අත දීල දෙපයින් හිටගන්න... නිවැරිදි, ක්‍රමවත් වැඩසටහනක් අවශ්‍යයි කියල හදවතට දැනිච්ච පිරිසක් එකතු කරගෙන ලොකු වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ලියන සටහනක් මේ.
අර ඉස්සර වෙලා කිව්වා වගේ හීන හැබෑ කරගන්න පිටරටකට ගිහින් කීයක් හරි හම්බ කර ගන්න කී දෙනෙක් හීන දකිනවාද? ඒත් සමහර වේලාවට අත දෙන්න කෙනෙක් නැතුව කොච්ච්ර දක්ෂකම්, සුදුසුකම් තිබුනත් අසරණ වෙන්න වෙන එක තරම් වේදනාවක් තවත් නැති තරම්. ඒ වගේම කොයි ක්‍රමයකින් හරි පිටරටකට ගිහින් කීයක් හරි හම්බ කර ගන්න යන සමහරු ජීවිතෙන් පවා වන්දි ගෙවන සිද්ධි පවා අපිට අහන්න දකින්න ලැබෙනවා.
ඉතින්... අපේ රටේ දහස් ගණනකගේ විදෙස් රැකියා සිහිනයක් සැබෑ කර ගන්න ඇප කැප වී කටයුතු කරන “විදෙස් සිහින“ අපගේ මැදිහත් වීමෙන් කරනු ලබන මේ ප්‍රජා සත්කාරය ලංකාව පුරා විසිරි සිටින ජාති, ආගම් භේදයකින් තොරව දක්ෂතා, කුසලතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
මේ යටතේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකින්ම එක් අයෙක් බැගින් ලංකාවේ සෑම ප්‍රාදේශීයය ලේකම් කොට්ඨාශයකම වෙසෙන දිළිඳු පවුලක එක් අයෙක් නොමිලේ විදේශ රැකියාවක් සඳහා යොමු කරන්න “විදෙස් සිහින“ අප කටයුතු කරනවා.
නොමිලේ ක්‍රියාත්මක කරන මේ වැඩසටහන සම්පූර්ණ විනිවිදභාවයකින් යුත් වැඩසටහනක් . මෙම වැඩ සඳහා අයදුම්කරුවන් තෝරා ගැනීමේදී පහත සුදුසුකම් අත්‍යාවශම්‍ය සුදුසුකම් ලෙස අප සලකනු ලබනවා.
මිලානෝ ධර්ම නිකේතනාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිපාණන් වහන්සේ
වතුකන්ද පුරාණ විහාරාධිපති කටුවන ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ඌරුබොක්ක ශ්‍රි මෙිධංකර පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙිනාධිපති වතුකන්දේ ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ
මේ මිහික මත ඔබ සැබෑ වීරයෙකි. අනුන්ගේ දුක දැක උණුවන සිත් ඇති, වෙර වීරියෙන් උපයා ගත් දේ තවත් එක් ජීවිතයක සුබ සිද්ධය උදෙසා කැප කරන්නට තරම් නිර්ලෝභි සිත් ඇති දානපතියෙකි. සෑබෑ මිනිසත්කම ගැන ලෝකයට නිවැරිදිම ආදර්ශය ලබා දෙන ඔබ ඉටු කරන මෙහවර මුළු මහත් ලෝකයම ආලෝකමත් කරන සූරියයාලෝකයක්මය. ඉදින් ශීර්ෂ ප්‍රාණාමය පුදා ඔබ වෙනුවෙන් තුති ගී ගයන්නට මුලු ලෝකයම පෙළ ගැසෙනු ඇත. සොබාදහම පවා ඔබගේ නාමය මුමුණන බව සහතිකය. මේ ඇරඹෙන්නේ මනුෂ්‍යයත්වයේ, දයාබරත්වයේ නාමයෙන් මිනිසුන් වෙනුවෙන් මිනිසුන් පරිත්‍යාග වන මානව ශිෂ්ඨාචාරයේ දීපතිමත්ම කාල වකවානුවයි.
එකී උරුමයේ කොටස්කරුවෙකු වන ලෙස අපි ඔබට ඇරයුම් කර සිටිමු.
Copyright © 2026 Videssihina.com. Powered by Jetapp.